Header Ads

තොරතුරු ආරක්ෂාව - Data privacy


මේ වන විට ලෝකයේ බලවත්ම සහ බලගතුම ආයුධය වන්නේ තොරතුරු බලයයි (Information Power), ඒ කියන්නෙ අපි ලග අනිත් අයට වටින තොරතුරු ගොඩක් තියෙනව කියන්නෙ, අපිට ගොඩක් ලොකු බලයක් ගොඩනැගෙනව කියන එක. මේ වෙනකොට ලෝකයේ ලොකුම තොරතුරු එහෙමත් නැත්නම් දත්ත බලයක්(Data power) තියෙන ආයතන තමයි, Facebook, Google, Instagram, Microsoft කියල කියන්නෙ, මම එහෙම කියන්න ප්‍රධානතම හේතුව තමයි කලින් කිව්ව ආයතන වලින් අපි ගොඩක් වැඩ Free කරගන්නව, එහෙම වැඩ කරන කොට ඒ අයට, අපි අපේ දත්ත ලබා දෙනව, මෙන්න මේ විදිහට තමයි ඒ අය අපි ගැන දැනගන්නෙ. මේ ටිකක් දිග මාතෘකාවක්, හැබැයි අපි අද කතාකරන්නෙ දත්ත ආරක්ෂාව ගැන.

මුලින්ම කියන්න ඕන ඔයාල Facebook, Instagram වගේ Social media පාවිච්චි කරනකොට ඔයාලගෙ ගොඩක්ම පෞද්ගලික දත්ත (Privet Data) ඒවට ඇතුල් කරන්නෙ නැතිව ඉන්න වගබලාගන්න ඕනි. මොකද ඔයාල කරන කියන හැමදේම Social Media වල දාන්න ගියහම ඔයාලගෙ පෞද්ගලිකත්වය නැතුව යනව අන්න ඒනිසා ඔයාලගෙ. පෞද්ගලික දත්ත ඒවට ඇතුල් කරන්නෙ නැතිව ඉන්න වගබලාගන්න.


No comments:

Powered by Blogger.